දිනපතා යාඥාව උදෙසා බයිබල් පද
ගීතාවලිය 22. /ස්වාමීන්වහන්සේ භාර වෙව්; උන්වහන්සේ මුදනසේක
ස්වාමින්වහන්සේ කෙරෙහි භය ඇත්තෙනි, උන්වහන්සේට ප්‍රශංසා කරව්.
යාකොබ්ගේ වංශයේ සියල්ලෙනි, උන්වහන්සේට ගෞවරවය කරව්.
ඉශ්රායෙල් වංශයේ සියල්ලෙනි, උන්වහන්සේ කෙරෙහි භයෙන් සිටිව්.
මක්නිසාද උන්වහන්සේ විපතට පත් තැනැත්තා ගේ විපතට නින්දා නොකරන සේක.
එය පිළිකුල් කොට නොසලකන සේක.
ඔහු කෙරෙන් තමන්ගේ මුහුණ සඟවා නොගන්නා සේක.
ඔහු හඬ ගැසූ කල උන්වහන්සේ අසන සේක.
යටහත් සිත් ඇත්තතෝ තෘප්තියට පැමිණෙන්නේය.
ස්වාමින් වහන්සේ සොයන්නෝ උන්වහන්සේට ප්‍රසංසා කරන්නෝය.
අපේ පියවරු ඔබ කෙරෙහි විශ්වාස කලෝය.
ඔව්හු ඔබ විශ්වාස කලෝය, ඔබද ඔවුන් මිදුසේක.
ඔවුහු ඔබට හඬ ගැසුවෝය,
ඔබ කෙරෙහි විශ්වාස කල ඔවුන් ලජ්ජාවට පත් නොවුනේය.
ස්වාමීන්වහන්සේ භාර වෙව්; උන්වහන්සේ මුදනසේක.
©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)